උත්පාද ම සමහර තැන් ගොළු වෙන්න
වරලත් කවියක පෙම් මල් ඇහැරන්න
පියුම් දාහක විල් මියැදී නවතින්න
ඉතින් හිතළු කියවෙනව ද මට මෙන් ම
හිමි වල්ලභට රන් නිතඹෙන් ගුම් ගන්න
සජ්ඣායනා කඳු ඔක්කොම මට දෙන්න
නාඹර කැලේ වතුසුද්දෙට පොබයන්න
සඳ වගුරකට මහ පිරිතෙන් පන දෙන්න
දවුල් වැලපුමක මිහිදන් සෝ ගින්න
බඹර කොමුව පූදින මල් හැර යන්න
ඔබ මා නොමැති මුළු කොළඹ ම මිය දෙන්න
පිපුණු බුහුටි හතු මණ්ඩිය විස වෙන්න
ඇනුණු හීය කිඳුරු හැදින් උදුරන්න
නිවිනු සපුන් දළගෙයි සිට ඇහැරන්න
සඳෙන් ඉනූ රිදී පාට කෙඳි ගොන්න
නුඹේ ඉඟට තබා බලන රැය කොයි ද?
හිමකොත් අග, ඉර මඳකට ගාවන්න
පවර තඹර පෙති දිය මත කිමිදෙන්න
නමුණුකුලට පෙම් ඔසරිය ඈදන්න
මටත් පුංචි කෙටි පටුනක් අමුණන්න.
Kanyawiya Numbai Recondition Kala - කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sooriya Sihabahu - සූරිය සිහබාහු
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245658527
- Availability: Available
-
Rs. 750.00